කාර්යබහුල ජීවිතය කලමණාකරණය කරගමු
ඔබ අප කවුරුත් වර්තමාන ජීවන රටාවත් සමඟ බොහෝ කාර්යබහුල ජීවිතයක් ගත කරනු ඇත. නමුත් අප කෙතරම් කාර්යයන් වල නිරත වුවත් අපගේ ශාරීරික,මානසික සෞඛ්‍ය ගැන වැඩි විවේකයන් ලබා දිය යුතුයි. එමෙන්ම ඔබේ ජීවිතයට වටිනාකමක් එකතු කරන දේවල් සමඟ කාලය ගත කිරීමට ඔබට අවශ්‍ය වනු ඇත. දිනකට ඇත්තේ පැය කිහිපයකි, අපට එය ගබඩා කල නොහැකිය . නමුත් කාර්යබහුල ජීවිතයත් සමඟ අප විවේක කාලයක් ලබා ගන්නේ කෙසේද?
අද මම මේ ලිපිය ඉදිරිපත් කරන්නේ කාර්යබහුල ජීවිතයක් වඩා කාර්යක්ෂම හා ඵලදායීව ගෙනයාම සඳහා ඔබේ කාලය කළමනාකරණය කරන ශිල්පීය ක්‍රම මොනවාද යන්නයි.
01.ඔබේ ශක්ති මට්ටම් වටා ඔබේ වැඩකටයුතු සංවිධානය කරන්න.
ඔබේ ශක්ති මට්ටම් ඉහළම මට්ටමක පවතින විට ඔබේ අපහසුම කාර්යයන් වල නියැලීමට උත්සාහ කරන්න. කාර්යයක ඵලදායි මට්ටම් ඔබේ ශක්ති මට්ටම්වලට සෘජුවම සම්බන්ධ වනු ඇත. ශක්ති මට්ටම් ඵලදායිතාවය ඉහළ වෙයි.
02.දිනයට අදාළ සැලැස්මක් සාදන්න.
ඔබ නිදාගන්නට පෙර ඔබේ ඊළඟ දවස සැලසුම් කරන්න. එදින ඔබගේ කටයුතු ලැයිස්තුව සැලසුම් කරන විට ඔබට ඕනෑම අභියෝගයක් සඳහා මානසික සූදානම් වන අතර ඒ සඳහා සුදුසුම කාලය තීරණය කිරීමට ඔබට හැකියාව ඇත. එපමණක් නොව එය ඔබට ඉක්මන් හා වඩා කාර්යක්ෂම වැඩ කිරීමටද උපකාරී වෙයි.
03.වැදගත්ම කාර්යය සමඟ ඔබේ දවස ආරම්භ කරන්න.
ඔබගේ වැදගත්ම කාර්යයන් මොනවාද යන්න හඳුනා ගනිමින් එයින් ඔබේ දවස ආරම්භ කරන විට ඔබ ඔබටම ශක්තියක් හා සැබෑ සාධනීය හැඟීමක් ලබා දෙනු ඇත.
04.පුනරාවර්තන කාර්යයන් ස්වයංක්‍රීයව සිදු කරන්න.
වර්තමාන තාක්ෂණික දියුණුවත් සමඟ අපට අපේ කාර්යයන් ස්වයංක්‍රීයව සිදුකිරීමට අවශ්‍ය තාක්ෂණයන් බොහොමයක් තිබේ. එසේ ස්වයංක්‍රීයව සිදු කරගත හැකි කාර්යයන් ස්වයංක්‍රීයවම සිදුකිරීමත් සමඟ ඔබට යම් කාලයක් පැය කිහිපයක් ඉතිරි කර ගැනීමට හැකියාව ඇත.
05.බාහිරින් ලබාගැනීමට ඉගෙන ගන්න
සෑම කාර්යයක්ම ඔබම සම්පූර්ණ කළ යුතු නැත විශේෂයෙන් අඩු ප්‍රමුඛතා කාර්යයන්. සමහර විට ඔබට හැකිනම් මෙම කාර්යයන් බාහිරින් ලබා ගැනීම වඩා හොඳයි. එවිට ඔබට වඩා දැවෙන කාර්යයන් කෙරෙහි ඔබේ අවධානය යොමු කළ හැකිය.
06.අනවශ්‍ය බාධා ඉවත් කරන්න
ඔබ අවධානය වෙනතකට යොමු වූ විට ඔබේ අවධානය නැවත ලබා ගැනීමට යම් කාලයක් ගතවනු ඇත. මෙය ඔබගේ ඵලදායිතාවය බෙහෙවින් සීමා කළ හැකිය. එම නිසා හැකි හැම විටම තම කාර්යය කෙරෙහි අවධානයක් ලබා දීමට උත්සහ කරන්න.
07.ඔබට යථාර්ථවාදීව හැසිරිය හැකි වැඩ ප්‍රමාණය පිළිගන්න.
ඔබ ඔබ පිළිබඳව දැනුවත් වීම තුළින් ඔබට සිදු කිරීමට හැකි වැඩ ප්‍රමාණය පිළිබඳ ඔබ දැනුවත් වන්න. ප්‍රමාණයට වඩා වැඩි කාර්යයන් බාර ගැනීම තුළින් එය මානසික පීඩනයටද හේතුවක් විය හැකිය. අදාළ කාලයට සම්පූර්ණ කළ හැකි කාර්යයන් තෝරා ගැනීම තුළ ඔබ තෘප්තියක් ලබනු ඇත.
08.විවේකයක් ලබාගන්න.
ඔබ කාර්යයන් සැලසුම් කිරීමේදී ඒ අතර සුදුසු විවේක කාලයක්ද තෝරාගන්න. අධික කාර්‍යබහුලත්වය මානසික පීඩනයටද හේතුවන නිසා විවේකය ඉතා වැදගත්ය. මෙසේ විවේකයක් ලබා ගැනීම තුළින් ඵලදායිව හා කාර්යක්ෂමව නැවත කාර්යයන් ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇත.
මෙම ක්‍රමශිල්ප භාවිතා කරමින් ඔබේ ජීවිතයේ කාර්යබහුලත්වය නිසි ආකාරයෙන් කළමනාකරණය කර ගැනීම තුළින් , ඔබට වඩා තෘප්තිමත් හා නිදහස් ජීවිතයක් ලබා ගැනීමට හැකිය.

Comments
Post a Comment